ඇයව මම හැමදේටම සම්බන්ධ කරගන්නවා.. අපි මේක කරලා බලමු කියලා ඇය කිව්වා..

මේ දිනවල හෙක්ටර් ඩයස් කියන්නේ බොහෝ දෙනා අතර ජනප්‍රිය නළුවෙක්. හිරු නාලිකාවේ විකාශනය වන “දිවිතුරා” ටෙලිනාටයේ අගස්තිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ගේ සිත් වසග කර ගත් ඔහු රංගන ශිල්පියෙක් වගේම ඉතාමත් දක්ශ සහ ප්‍රවීන ගායන ශිල්පියෙක්ද වෙනවා.

මෙය ඔහුගේ පළමු රංගන අද්දැකීමයි මෙයට සම්බන්ධ වුණ ආකාරය ගැනත් ඔහු කිව්වේ මේ වගේ දෙයක්. “, රඟපාන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. මම සංගීත ශිල්පියෙක් ලෙසිනුයි වැඩකටයුතු කරගෙන ගියේ. එක අවස්ථාවක විරාජ් වැලිවත්ත මෙහෙම වැඩක් තියෙනව කියල මට කතා කළා.

නමුත් ඒ ඇරියුමත් එක්ක මට ඇතිවුණ ප්‍රශ්නයට මට මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියන එකයි. මොකද මම නළුවෙක් නොවුණ නිසා සහ මම රංගනය හදාරල නොතිබුණ නිසා පසුව මගේ බිරිඳ පාඨලී සමගත් සාකච්ඡා කළාම ඇයත් පැවසුවේ අපි මේක කරල බලමු කියල” කියලයි.

ඉතින් ඔහු රංගනයෙන් දායක වෙන අගස්තිගේ චරිතය නිසා හෙකටර්ගෙ චරිතයට බලපෑමක් වෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා.

ඉතින් ඒ ගැන ඔහු කියන්නේ මේ වගේ දෙයක්. “අගස්ති කියන්නෙ චරිතයක් විතරයි.

දැනට රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් අගස්තිගෙ චරිතය ඔවුන් වැළඳගෙන තියෙනව කියල දැනෙනව.

හැබැයි හෙකටර් ඩයස් කියන කෙනයි අගස්ති කියන චරිතයයි දෙන්නෙක් මිස එක චරිතයක් නෙවෙයි කියලා බාරගන්නවා නම් හොඳයි. මං හිතනවා අපේ රසිකයා බුද්ධිමත් කියලා ඒ වෙනස තේරුම් ගන්න.” කියලයි.

ඉතින් ඒ වගේම ඔහු සහ ඔහුගේ බිරිද සමග එක් වෙලා ගීතයක් නිකුත් කරලා තියනවා.

ඉතින් මේ ගිතයේ රංගනයෙන් දායක වෙන ඔහුගේ බිරිදට සහ ගීතයට රසික රසිකාවියන් ගොඩක් දෙනෙකුගෙන් ඉහලම ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒ ගැනත් ඔහු කියන්නේ මේ වගේ දෙයක්. “ලොක්ඩවුන් කාලෙ අනිත් අය වගේම මමත් රැවුල ලොකු ප්‍රශ්නයක් කරගත්තෙ නැහැ.

ඒක ඔහේ වැවෙන්න දීලා හිටියා ඔය කාලෙ තමයි නිල්වන් මුහුද තීරේ ගීතයේ නිර්මාණ කටයුතු පටන් ගත්තෙ.

ඒ ගීතයට රූප රචනාව කොණ්ඩෙ රැවුල කපලා කරනවට වඩා ඔහොම තියාගෙන කරන්න තමයි සැලසුම් කළේ. ඉතින් ගීතයට වගේ එහි රූප රාමු වලටත් බොහෝ රසික ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒ වගේම මගේ බිරිඳ පාඨලී මට ගොඩක් උදව් කරනවා මගේ පසුබිම හදාගන්න. මගේ අදහසක් තිබ්බා ඇය මගේ දෙයකට සම්බන්ධ කරගන්න. ඒකත් අලුත් දෙයක්නෙ.” කියලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11