ඇයට වසර 20ක සිර දඬුවමක් හිමිවන ලකුණු

ශ්‍රී ලංකා විවාහක රූ රැජන 2020 කිරුළ හිමි පුෂ්පිකාද සිල්වා විසින් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරිට එල්ල කර ඇති චෝදනා ඔප්පු වුවහොත් වසර 15ත් 20ත් අතර සිරදඬුවමක් පැනවිය හැකි බව නීතිවේදීහු පෙන්වා දෙති.

කැරොලයින්ට අමතරව චූලා පද්මේන්ද්‍රන් යන කාන්තාවට ද පුෂ්පිකා විසින් චෝදනා එල්ල කර තිබේ. සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බිය ගැන්වීම හා සුළු තුවාල කිරීම යන චෝදනා දැනට මේ කාන්තාවන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනා වන අතර, මේ සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

මේ සිද්ධිය ප්‍රථමයෙන් පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් මේ වන විට පවතිනවා. සිද්ධිය මුලදී කියවුණු ආකාරයෙන් නම් අවුරුදු 15-20 අතර කාලයක් සිරදඬුවම් දිය හැකි වුවත් මේ වන විට දෙපාර්ශ්වය යම් යම් කාරණා සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණීමේ හැකියාවක් තිබෙනවා යැයි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා දිනමිණට ඊයේ (9) පැවසීය.

මෙහිදී පෙනී යන්නේ බලහත්කාරකම, මංකොල්ලකෑම දක්වා යන සිද්ධියක් සිදුව තිබෙන බවයි. යම් කිසි අයෙක් බලහත්කාරකමක් කරන්නේ නම් එහිදී ඇයට තුවාලයක් කරන තත්ත්වයක් ඇති වුවහොත් සුළු තුවාල වීමක් වුවත් එය නීතියට අනුව මංකොල්ලකෑමක් දක්වා යනවා.

නමුත් පොලිසියේ තොරතුරු අනුව මේ චෝදනා සමතයකට පත් කළ හැකි තත්ත්වයක් දැන් තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී දඬුවම් කාලය අවුරුදු 3-5 ත් අතර දක්වා දිය හැකියි. යැයි ද කීවේය.

සමථ මණ්ඩලයට යෑමෙන් තමයි එය තීරණය කළ හැකි වන්නේ. පොලිස් ඇප දී ඇතත් මහජන කැළඹීම යටතේ මේ කාන්තාවන් දෙදෙනාට ඇප නොදී සිටිය හැකි තත්ත්වයක්ද මෙහිදී තිබුණා යැයිද හෙතෙම කීවේය. ලෝක විවාහක රූ රැජිනගේ මේ ක්‍රියා කලාපය නිසා ඇයගේ අන්තර්ජාතික කිරුළ අහිමි වීමේ අවධානමක් පවතින බවද නීති විශාරදයෝ පවසති. මේ අතර කැරොලයින් ජූරි සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර ඇත. 2020දී තමා දිනාගත් අන්තර්ජාතික කිරුළ නැවත ලබා දීමට තමා සූදානම් බවට ප්‍රකාශ කර තිබේ.

දිණමින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56