ඇමේසන් නිර්දේශ කළ USB 05න් 01ක් ගැන ව්‍යාජ ධාරිතා පැමිණිලි

Amazon වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන් වෙත මිලදී ගැනීමට නිර්දේශ කර ඇති සෑම USB ධාවක (Flash drives/Pen drives) පහකින් එකකටම, ඒවායේ සඳහන් ධාරිතාවන්ට වඩා ඉතා අඩු සැබෑ ධාරිතාවක් පවතින බවට (ව්‍යාජ ධාරිතාවන් පිළිබඳව) පරිශීලකයන්ගෙන් බරපතල පැමිණිලි ලැබී ඇති බව ‘Nikkei Asia’ වෙබ් අඩවිය සිදුකළ නවතම විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.

මෙම ගෝලීය විමර්ශනයට අනුව, Amazon සමාගමේ ස්වයංක්‍රීය ඇල්ගොරිතම පද්ධතිය මඟින් පාරිභෝගිකයන් වෙත මිලදී ගැනීම සඳහා ප්‍රවර්ධනය කරන සහ ඉහළ ඇගයීම් (High ratings) සහිතව පෙන්වන ඇතැම් USB සහ බාහිර දෘඪ තැටි (External Hard Drives) බහුතරයක් ව්‍යාජ ඒවා වනවා.

උදාහරණයක් ලෙස, ටෙරාබයිට් 1ක් හෝ 2ක් ලෙස සඳහන් කර ඉතා අඩු මිලකට අලෙවි කරන බොහෝ USB ධාවකවල සැබෑ ධාරිතාව පවතින්නේ ගිගාබයිට් 32ක් හෝ 64ක් වැනි ඉතා සුළු මට්ටමකයි.

තාක්ෂණික විශේෂඥයන් පෙන්වා දෙන්නේ වංචනික අලෙවිකරුවන් විසින් පරිගණක මෘදුකාංග වෙනස් කරමින්, එම උපාංග පරිගණකයකට සම්බන්ධ කළ විට ව්‍යාජ ලෙස විශාල ධාරිතාවක් පෙන්වන පරිදි සකස් කර ඇති බවයි.

නමුත් පාරිභෝගිකයන් එහි දත්ත ගබඩා කිරීමට යාමේදී, සැබෑ ධාරිතාව ඉක්මවා ගිය සැනින් කලින් ගබඩා කළ දත්ත මැකී යාම හෝ දත්ත විනාශ වී යාම සිදුවනවා.

මෙවැනි ව්‍යාජ භාණ්ඩ Amazon වැනි විශ්වාසදායක වෙළඳ පොළක් තුළ නිදහසේ අලෙවි වීමට ඉඩහැරීම සම්බන්ධයෙන් සහ ව්‍යාජ පාරිභෝගික සමාලෝචන මඟින් පාරිභෝගිකයන් නොමඟ යැවීම සම්බන්ධයෙන් e – වෙළඳ සමාගම් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

විශේෂයෙන්ම චීනය පදනම් කරගත් ප්‍රසිද්ධ නොවන සන්නාම හරහා මෙවැනි ව්‍යාජ උපාංග වෙළඳපොළට බහුලව පැමිණෙන බැවින්, උපාංග මිලදී ගැනීමේදී ප්‍රසිද්ධ සහ විශ්වාසදායක සන්නාම පමණක් තෝරාගන්නා ලෙස තාක්ෂණික විශ්ලේෂකයෝ පාරිභෝගිකයන්ට අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57