ඇමෙරිකා නෞකාවක් ත්‍රීකුණාමලය වරායට

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T – EPF 6)’ නැමැති ගවේෂණ නෞකාව අද ත්‍රීකුණාමලය වරාය වෙත පැමිණ තිබෙනවා.

සැපයුම් හා සේවා අවශ්‍යතා සඳහා මෙලෙස ත්‍රීකුණාමලය වරායට ළඟා වූ ‘USNS BRUNSWICK (T – EPF 6)’ නැමැති ගවේෂණ නෞකාව (Spearhead-Class Expeditionary Fast Transport), සැපයුම් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමෙන් පසු 12 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.