ඇමැති බැසිල් දැල එලයි! ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10කට ලොකු වැඩක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුවට සුවිශේෂ වගකීමක් පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතනයක ආදායම් තත්වය වර්ධනය කිරීමත් දූෂණ අක්‍රමිකතා අවම කිරීමත් සඳහා ගත ගත හැකි පියවර සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා එම කමිටුවට පවරා තිබෙනවා.

එසේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, සමෘද්ධි දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.

ඉදිරි අයවැයේදී මෙම ආයතනවලට මුදල් වෙන් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යම් පූර්ව අදහසක් ලබා ගැනීම එම වාර්තාව කැඳවීමේ අරමුණ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42