ඇමරිකා ජනපති ඊශ්‍රායලයට – ගාසා රෝහල් ප්‍රහාරය ගැනත් ප්‍රකාශයක්

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහු පිළිගනු ලැබූ බවයි.

සංචාරය අතරතුර ඇමරිකා ජනාධිපතිවරයා ඊශ්‍රායල් අගමැතිවරයා සමග සාකච්ඡා පවත්වනු ඇති.

ඔහු ඊශ්‍රායලයට එක්සත් ජනපද සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර ගාසා හි රෝහල් ප්‍රහාරය අනෙක් කණ්ඩායම විසින් සිදු කරන ලද එකක් බවට පෙනෙන බවයි ජෝ බයිඩ්න් සඳහන් කර ඇත්තේ.

ඊයේ රාත්‍රියේ ගාසා හි අල් අහ්ලි රෝහලේ පිපිරීමෙන් පසු පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ඇතුළු අරාබි නායකයින් සමඟ ජනාධිපතිවරයා සැලසුම් කළ රැස්වීම දැනටමත් අවලංගු කර ඇති බව ද සඳහන්.

මේ අතර ඊශ්‍රායලය ට පැමිණි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද මේ වන විට පැවැත්වෙනවා.

මේ අතර සටන්කාමීන් විසින් රෝහලේ පිපිරීමක් සිදු කළ බව පෙන්වන වීඩියෝ පටයක් ද ඊශ්‍රායලය නිකුත් කර තිබෙනවා.

පලස්තීන සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් අඟහරුවාදා සවස ගාසා තීරයේ රෝහලේ පිපිරීම සිදු වූ බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.

ගාසා තීරයේ අල් අහ්ලි රෝහලේ පිපිරීම පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) සටන්කාමී කණ්ඩායම විසින් සිදු කළ බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසන්නේ අදාළ වීඩියෝවේ තොරතුරු මගින් පෙන්නුම් කරන්නේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් රොකට්ටුවක් මගින් රෝහලලට පහරදුන් බවයි.

හමාස්, පලස්තීන බලධාරීන් සහ අනෙකුත් රටවල් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරන අතර, හමාස් සංවිධානය පවසන්නේ මිනිසුන් 500ක් අදාළ ප්‍රහාරයෙන් මිය ගිය බවයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26