ඇමරිකා ඉතිහාසයේ විශාලතම B-2 මෙහෙයුම් ප්‍රහාරය සාර්ථකයි – ඉරානයේ ඕනෑම පළිගැනීමකට ප්‍රතිචාර දැක්වීමට සූදානම්

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ඩෑන් කේන් පෙන්ටගනයේ දී ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් අද (22) පවත්වනු ලැබුවා.

එහිදී සාකච්ඡාව ආරම්භ කරමින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කියා සිටියේ ඊයේ (21) රාත්‍රියේ ප්‍රහාරය ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් පහත් කිරීමට සහ විනාශ කිරීමට සැලසුම් කර තිබූ බවයි.

ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ කළ නමුත් ඉරාන හමුදාවන්ට හෝ සිවිල් වැසියන්ට බලපෑමක් සිදු නොවූ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

බොහෝ ජනාධිපතිවරුන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහට අවසන් කිරීමට සිහින මැවූ නමුත් ට්‍රම්ප් ජනධිපතිවරයාට හැර වෙනත් කිසිවෙකුට එය සිදුකිරීමට නොහැකි වූ බවයි හෙග්සෙත් තවදුරටත් පැවසුවේ.

එක්සත් ජනපදය හැර වෙනත් කිසිදු රටකට මෙය කළ නොහැකි වූ බවත්, ඔහු වැඩිදුරටත් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් කර සිටියා.

ජනාධිපති ට්‍රම්ප් “සාමය සොයන” බව අවධාරණය කළ එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, න්‍යෂ්ටික අවි නොමැති බව ට්‍රම්ප් පැවසුවේ බවත්, ඔහු සාමය සොයන බවත්, ඉරානය එම මාවතට යා යුතු බවයි.

ඊයේ රාත්‍රියේ මෙහෙයුම්වලට සම්බන්ධ වූ සියලුම හමුදා නිලධාරීන්ට හෙග්සෙත් ස්තූති පළකර අතර, ඔවුන් “රණශූරයන්” ලෙස විස්තර කර සිටියා.

මෙම මෙහෙයුම් සඳහා ඊශ්‍රායලයේ ද සහාය ඇතිව මාස සහ සති ගණනක් සැලසුම් කළ බව ද සඳහන් කළා.

එමෙන්ම ඇමරිකාවේ B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා “ලෝකය කිසිසේත් නොදැන ඉරානයේ න්‍යෂ්ටික ස්ථානවලට පහර දී ආරක්ෂිතව ආපසු පැමිණි බවත් ඔහු පවසා සිටියා.

අනතුරුව මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ඩෑන් කේන් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතර, එහිදී ඔහු පළමුව ප්‍රහාරයට සම්බන්ධ වූ හමුදා නිලධාරීන්ට ස්තූතිය පළ කළා.

ඊයේ රාත්‍රියේ මෙහෙයුම් පිළිබඳ වැඩිදුර තාක්ෂණික තොරතුරු සැපයූ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයා සඳහන් කළේ පැය 18 ක ගුවන් ගමනකින් අනතුරුව B-2 යානා ඉලක්ක ප්‍රදේශයට ළඟා වූ බවත්, B-2 බෝම්බ හෙලන යානා හතක් මෙහෙයුමට සම්බන්ධ වූ බවයි.

බෝම්බ හෙලන යානා ඉරාන ගුවන් සීමාවට ළඟා වූ පසු, එක්සත් ජනපද සබ්මැරීනයක් ප්‍රධාන ඉලක්කවලට ටොමාහෝක් කෲස් මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම සැලසුම් පිළිබඳව “සැලසුම්කරුවන් සහ ප්‍රධාන නායකයින්” සුළු පිරිසක් පමණක් දැනුවත්ව සිටි බවයි කේන් පැවසුවේ.

ඉරානයට සිදු වූ හානියේ ප්‍රමාණය සම්පූර්ණයෙන් තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇතැයි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කළ ස්ථාන තුනටම අතිශයින් දරුණු හානියක් සහ විනාශයක් සිදුවී ඇති බවයි ඔහු පවසා සිටියේ.

ජෙනරාල් ඩෑන් කේන් මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරය එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම B-2 මෙහෙයුම් ප්‍රහාරය බවයි.

එක්සත් ජනපද හමුදා මේ වනවිටත් සීරුවෙන් සිටින බවත් ඕනෑම ඉරාන පළිගැනීමකට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණයෙන්ම සූදානම් බවත් ඔහු පැවසුවා.

පළිගැනීමක් ඔවුන්ගේ පැත්තෙන් ඇදහිය නොහැකි තරම් දුර්වල තේරීමක් වනු ඇති බවද ඔහු මෙහිදී අනතුරු අඟවා සිටියා.

මෙම මාධ්‍ය සකච්ඡාවේ දී අවසන් වරට අදහස් දක්වමින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ වොෂින්ටනය ටෙහෙරානයට සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස නැවත නැවතත් ආරාධනා කර ඇති බවයි.

“ඇමරිකානු ස්ථාවරය කුමක්ද, සාමය සඳහා ඔවුන්ට ගත හැකි පියවර මොනවාදැයි ඔවුන් හරියටම දනී, ඔවුන් එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි” යනුවෙන් මාධ්‍ය සකච්ඡාව අවසානයේ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24