spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවේ ඉන්ධන හා ගෑස් එපා කියයි

රුසියාවෙන් ඉන්ධන ගෑස් සහ ගල්අගුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කරමින්. 

ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් අමෙරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවත් පුටින්ට වඩා බලවතුන් සමග අමෙරිකාව ඉදිරියේදී කටයුතු කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවා.

මේ අතර යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යය ද රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් එම තහනම බලාත්මක වීමට නියමිතව ඇත්තේ මෙම වසර අවසානයේ සිට බව විදෙස් මාධ්‍ය පැවසුවා. 

බ්‍රිතාන්‍යය මේ වනවිටත් ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටින අතර එරට තුල පෙට්‍රල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් රුසියාවෙන් සිදුකරන ගෑස් සහ ඉන්ධන ආනයනය තහනම් කිරීමට යුරෝපා සංගමය මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව වන්නේ යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් යැපෙන්නේ රුසියාවෙන් ආනයනය කරන ඉන්ධන හා ගෑස්වලින් විම හේතුවෙන්. කෙසේවෙතත් සිය රටේ සිට ජර්මනිය වෙත දිවෙන ගෑස් නල මාර්ගය වසා දමන බවට රුසියාව මේ වනවිත් අනතුරු අගවා තිබෙනවා. 

කෙසේවෙතත් රුසියාව ඊයේ පැවසුවේ සිය රටින් සිදුකරන ඉන්ධන ආනයනය තහනම් කළ හොත් ගෝලීය ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපල ද භයානක ප්‍රතිවිපාක රැසකට මුහුණ පානු ඇති බවයි. ඒ හමුවේ ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 300 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට ද රුසියාව අනතුරු ඇගවූවා. 

මේ අතර පවතින යුක්රේන අර්බුදය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් කිහිපයක්ම රුසියාවෙන් ඉවත් වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර තුළ ප්‍රචලිත අවන්හල් සමූහයක් සහ සිසිල්බීම සමාගමක් ද එලෙස රුසියාවේ සිදුකරන වෙළඳ කටයුතුවලින් ඉවත්වන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?