ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවේ ඉන්ධන හා ගෑස් එපා කියයි

රුසියාවෙන් ඉන්ධන ගෑස් සහ ගල්අගුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කරමින්. 

ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් අමෙරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවත් පුටින්ට වඩා බලවතුන් සමග අමෙරිකාව ඉදිරියේදී කටයුතු කරන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවා.

මේ අතර යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යය ද රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් එම තහනම බලාත්මක වීමට නියමිතව ඇත්තේ මෙම වසර අවසානයේ සිට බව විදෙස් මාධ්‍ය පැවසුවා. 

බ්‍රිතාන්‍යය මේ වනවිටත් ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටින අතර එරට තුල පෙට්‍රල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් රුසියාවෙන් සිදුකරන ගෑස් සහ ඉන්ධන ආනයනය තහනම් කිරීමට යුරෝපා සංගමය මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව වන්නේ යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් යැපෙන්නේ රුසියාවෙන් ආනයනය කරන ඉන්ධන හා ගෑස්වලින් විම හේතුවෙන්. කෙසේවෙතත් සිය රටේ සිට ජර්මනිය වෙත දිවෙන ගෑස් නල මාර්ගය වසා දමන බවට රුසියාව මේ වනවිත් අනතුරු අගවා තිබෙනවා. 

කෙසේවෙතත් රුසියාව ඊයේ පැවසුවේ සිය රටින් සිදුකරන ඉන්ධන ආනයනය තහනම් කළ හොත් ගෝලීය ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපල ද භයානක ප්‍රතිවිපාක රැසකට මුහුණ පානු ඇති බවයි. ඒ හමුවේ ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 300 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට ද රුසියාව අනතුරු ඇගවූවා. 

මේ අතර පවතින යුක්රේන අර්බුදය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් කිහිපයක්ම රුසියාවෙන් ඉවත් වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර තුළ ප්‍රචලිත අවන්හල් සමූහයක් සහ සිසිල්බීම සමාගමක් ද එලෙස රුසියාවේ සිදුකරන වෙළඳ කටයුතුවලින් ඉවත්වන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46