ඇමරිකාව සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙම නව වෙළෙඳ ගිවිසුම එළඹෙන අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මකවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ

වෙළෙඳ ගිවිසුම යටතේ මීට පෙර යුරෝපා සංගමය ඇමරිකාව යෝජනා කළ 30% අනුපාතය ප්‍රතිස්ථාපනය කරමින් සියලුම යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පනවා තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් අතර ස්කොට්ලන්තයේදී පැවති හමුවකින් පසුව මෙලෙස නව ගිවිසුමකට එළඹ ඇති බවයි වාර්තා වුණේ.