ඇමරිකාව සමඟ යළි සාකච්ඡා කිරීමේ කිසිදු සැලසුමක් නැති බව ඉරානය කියයි

ඇමරිකා එක්සත් ජනපදය සමඟ නව සාකච්ඡා වටයක් සම්බන්ධයෙන් ඉරානයට කිසිදු සැලසුමක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසනවා.

පෙර සාකච්ඡා අතරතුර එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාර අමතක කළ නොහැකි බවයි ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි පවසන්නේ.

එමෙන්ම එක්සත් ජනපදය සටන විරාමය ක්‍රියාත්මක කිරීම ආරම්භයේ සිටම එය උල්ලංඝනය කළ බවත්, ඉරානය මේ පිළිබඳව පකිස්ථාන මැදිහත්කරුට දැනුම් දුන් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නව ආක්‍රමණයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම්, ඉරාන සන්නද්ධ හමුදා ඒ අනුව ප්‍රතිචාර දක්වනු ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසුවේ.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය අත්දැකීම්වලින් පාඩම් ඉගෙන නොගන්නා අතර, එය කිසි විටෙකත් යහපත් ප්‍රතිඵලවලට මඟ පාදන්නේ නැති බවයි ඔහු සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18