spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාවේ සමුළුවකට ගිය බන්දුලව ජනපති ආපසු මෙරටට කැඳවයි (ඡායාරුප)

2024 වර්ෂය වෙනුවෙන් ලෝක බැංකුව විසින් සංවිධානය කළ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය ඉරිදා (17)දින ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගියා.

අමාත්‍යවරයා වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත පැමිණි විට කතානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දීම සදහා වහාම ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස ජනාධිපතිතුමා විසින් කල දැනුම් දීමක් පිලිබදව තමා හමුවූ එරට ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුවත් කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ හේතුවෙන් තමන් මෙලෙස යලි දිවයිනට පැමිණි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අද (20)දින 06.15 ට පමණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.

20240320 184752 1 scaled
20240320 185352 scaled
20240320 185625 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
22
+1
5
+1
1
+1
4
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?