spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාවේ ණය සීමා ඉහළ දමන කෙටුම්පතට ජෝ බයිඩ්න් අත්සන් තබයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, එරට ඩොලර් ට්‍රිලියන 31යි දශම 4ක වත්මන් ණය සීමාව ඉහළ දැමීමේ කෙටුම්පතට අත්සන් තබා තිබෙනවා.

එරට ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකයට එල්ල විය හැකිව තිබූ අර්බුදකාරී තත්ත්වය සමනය කරමිනි බයිඩ්න් ජනාධිපතිවරයා මෙම කෙටුම් පතට අත්සන් තබාඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකාවේ මූල්‍ය වගකීම් ආවරණය කිරීම සඳහා රජය සතුව තිබූ අරමුදල් ප්‍රමාණවත් වූයේ තවත් දින 02කට පමණක් බව සඳහන්.

ඒ වන විට කොන්ග්‍රසය ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් සඳුදා සිය සියලු බිල්පත් ගෙවීමට නොහැකි වනු ඇතැයි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණා.

නව පනතට අනුව ණය සීමාව ඉහළ දැමීම හරහා ඇමරිකාවේ බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය ඉහළ යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?