ඇමරිකානු ජනපතිගේ නව නිල ගුවන් යානය අධිකාරියට පත් කෙරේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් නිපදවන ලද, ලොව මෙතෙක් බිහිවූ සුඛෝපභෝගී මෙන්ම ආරක්ෂිතම නවතම ‘Air Force One’ යානය අධිකාරියට පත් කිරීම ඊයේ (19) ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුරේ දී සිදු කෙරුණා.

ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන්.

2025 වසරේ දී කටාර් රාජ්‍යය විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ත්‍යාගයක් ලෙස ලබා දුන් ‘Boeing 747-8’ වර්ගයේ මෙම සුපිරි ජම්බෝ ජෙට් යානය මාස කිහිපය සිට ඇමරිකානු හමුදාව විසින් දැවැන්ත නවීකරණයකට ලක් කිරීමෙන් අනතුරුව, මෙලෙස ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය බවට පත් කර තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වටිනා මෙම ගුවන් යානයේ පිටත පෙනුම රතු, සුදු, නිල් සහ රන්වන් පැහැයෙන් හැඩගැන්වීමට ට්‍රම්ප් උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර 1990 සිට ඇමරිකානු ජනාධිපතිවරුන් පාවිච්චි කළ ‘Air Force One’ යානය මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති අතර, ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් එක්ස් ගිණුමේ සටහනක් තබමින් එම පැරණි යානයට ‘අවසාන ගමන’ ලෙස සමුදී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16