ඇමති හර්ෂණගේ නම ඉදිරියට ‘ආචාර්ය’ නාමය ඇතුළත්ව ඇත්තේ අතපසුවීමකින්

අධිකරණ අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ දී අතපසුවීමකින් සිදුවූවක් බවයි අදාල නිවේදනය මඟින් සඳහන් කරන්නේ.

එමෙන්ම අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව ද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිකුත් කළ නිවෙදනය ම,මඟින් දන්වා සිටිනවා.

ඒ, අනුව,එම අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බව ද එහි සඳහන්.

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාරට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පලකරන බවත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මෙි වන විට සිදුකරමින් පවතින බව ද එම නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13