ඇමති වි⁣ජේදාසට අභියෝගයක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා මාධවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට දැඩි විවේචනයක් සිදුකළා.

මේ සම්බන්ධයෙන් හිටපු ජන මාධ්‍ය අමාත්‍යවරයෙකු වන කරූ පරණවිතාන විසින් මෙලෙස සටහනක් තබා තිබුණා.

පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…
(ඇමති වි⁣ජේදාසට අභියෝගයක්)

අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය හා ගෞරවය හිමිවේ.

එහෙත් ඔහුම ඒ ගෞරවය කෙළෙසා ගන්නා ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බව සමාජ මාධ්‍ය තුළින් දුටුවෙමි. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද නීති යොදා ගනිමින් ජනමාධ්‍ය කරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙනි.
අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව ⁣හෙළා දකින අතර එවැනි ක්‍රියාමාර්ගයකට එ⁣රෙහිව පාර්ලිමේන්තුවත් ජනමාධ්‍ය ප්‍රජාවත්, ජනතාවත් උපරිම විරෝධය දැක්විය යුතුය.
අධිකරණ ඇමති වරයා ජනමාධ්‍ය කරුවන් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඇත්තේ තමාගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් අහිතකර අන්දමින් බලපාන මාධ්‍ය වාර්තා ඇතැම් මාධ්‍ය විසින් පළ කර තිබීමය.

මේ රටේ ජනමාධ්‍ය ආයතන වලත් බොහෝ ජනමාධ්‍යකරුවන්ගේත් වෘත්තික භාවය තුට්ටු දෙකට වැටී ඇති බව ඇත්තකි. දුෂ්ට ජනමාධ්‍ය ප්‍රහාර නිසා නිකරුනේ ප්‍රතිරූපවලට හානි සිදු වූ දේශපාලනඥයන් ඇතුලු ප්‍රසිද්ධ චරිත ගණනාවක්ම අපට නමින්ම පෙන්වා දිය හැකිය. එහෙත් මේ ජනමාධ්‍ය අවභාවිතාවට පිළියම් සෙවිය යුත්තේ ඊටත් වඩා දරුණු ලෙස රටේ නීතිය අවභාවිත⁣ කරමින් නොවේ. විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ එවැනි දරුණු නීති අවභාවිතාවකි.

ජනතා නියෝජිතයන් ලෙස මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇත.උදාහරණයක් ලෙස අපහාස වරදකට හසුවීමේ බියකින් තොරව පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කතා කිරීමේ වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ට ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් ජනතාවගේ ප්‍රශ්න ගැන සීමා බන්ධන වලට යටත් නොවී කතා කළ යුතු බව පූර්ව නිශ්චිත කරුණක් බැවිනි.

එහෙත් මන්ත්‍රී වරප්‍රසාද යනු දෙවියන් වහන්සේගේ නීතිය නොවේ. ඒවාද ප්‍රජාතන්ත්‍රවාදී හරයාත්මක වටිනාකම් මත පදනම් විය යුතුය. හැම නීතියක් මෙන්ම වරප්‍රසාද නීතියද ස්වභාවික යුක්තියේ නීති මූලධර්ම වලට (narural justice principles) එකඟ විය යුුතු බව එවැනි වැදගත් හරයාත්මක වටිනාකමකි. කිසිම තැනැත්තෙක් තමන්ගේම නඩුවේ විනිශ්චය කරුවා නොවිය යුතුය යන්න ස්වාභාවික යුක්තියේ ගැඹුරු මූල ධර්මයකි. ( Nemo Judex in Causa Sua.)
පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය මිස අධිකරණය නොවේ.

නීතිය අනුව නඩු අසා දඬුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයට මිස ව්‍යවස්ථාදායකයට නොවේ. විජේදාස රාජපක්ෂ මහතා මේ අනියමින් යෝජනා කරන්නේ නඩු අසා දඬුවම් පැමිණවීමට අධිකරණය සතු ඇති බලය පාර්ලිමේන්තුව විසින් යළි පැහැර ගත යුතු බව නොවේද?. මෙය ස්වාභාවික යුක්තියේ වැදගත් මූල ධර්මයකට පයින් ගැසීමකි. එසේම මෙයට ඉඩ දුනහොත් යුක්තිය උල්ලංඝනය වීම මෙතැනින් නතර වන්නේද නැත.එහෙයින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට අප එක හඬින් එරෙහි විය යුතුය.

සමාජයේ වැඩි දෙනෙකු එරෙහි වන බවට සැකයක් නැත. අප බලා සිටින්නේ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙක් තම වරප්‍රසාද වලට ඉහලින් ස්වාභාවික යුක්තිය තබමින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට එරෙහිව කටයුතු කරන්නේද යන්න පිළිබඳවය.
කරු පරණවිතාන
(හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28