33 වැනි ආසියානු කලාපීය සංසදය (ARF) සහ අග්නිදිග ආසියාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ (TAC) 50 වන සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (22) පිලිපීනයේ මැනිලා නුවර වෙත ලඟා වී තිබෙනවා,
මෙම සංචාරය මගින්, ආසියාන් කලාපීය සංසදය (ARF) සහ ආසියාන් (ASEAN) සාමාජික රටවල් සමඟ පවතින නිර්මාණාත්මක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම නැවත තහවුරු කෙරෙන බව අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබූ X සමාජ මාධ්‍යයේ සටහනේ සඳහන් වනවා.
ආසියාන් කලාපීය සංසදයට (ARF) අදාළ රැස්වීම්වලට සමගාමීව, ඊට සහභාගී වන කලාපයේ රටවල්වල නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද මම බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන්.













