ඇමති වසන්ත සහ කුවේට් තානාපති හමුවෙයි

ශ්‍රී ලංකාව සහ කුවෙට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම, ද්විපාර්ශ්වික වෙළෙඳ පරිමාව ඉහළ නැංවීම, සෘජු විදේශීය ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නව සහයෝගිතා ගොඩනැගීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණා.

ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාව සඳහා කුවේට් රාජ්‍යයේ තානාපති සලේ මුබාරක් අල්-සාරාවි (H.E. Saleh Mubarak Al-Sarawi) අතර විශේෂ නිල හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුවූ අවස්ථාවේදී යි.

දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා වර්තමාන හැකියාවන්ට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා කුවේට් වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් අතර සෘජු සබඳතා ගොඩනැගීමටත්, ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් හුවමාරු කර ගැනීමටත් මෙහිදී එකඟතාව පළ වුණා.

කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදන හා පශු සම්පත් ව්‍යාපෘති, යටිතල පහසුකම් සහ ප්‍රවාහනය වැනි අංශ සඳහා ආයෝජකයන්ට ඇති ප්‍රවේශය පිළිබඳව මෙන්ම ආයෝජන දිරිගැන්වීම් සහ බදු සහන පිළිබඳව ද කුවෙට් තානාපතිවරයාව දැනුවත් කරනු ලැබුවා

ශ්‍රී ලංකාවේ පලතුරු (අන්නාසි, අඹ) සඳහා කුවෙට් රාජ්‍යයේ පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

කුවෙට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහස්ථ ශ්‍රමිකයන් සහ වෘත්තීයවේදීන් ලබාදෙන දායකත්වය තානාපතිවරයා විසින් අගය කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව උපායමාර්ගිකව පිහිටා ඇති ඉතා සුන්දර හා ආකර්ෂණීය රටක් බවත්, දෙරට අතර පවතින ආර්ථික සබඳතා නව මානයකට ගෙන යාම සඳහා කුවෙට් රාජ්‍යයේ පූර්ණ සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15