ඇමති වසන්ත නවසීලන්ත මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් වුණා.

මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට
සහභාගීව සිටියා.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද
මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් සංගමයේ භාණ්ඩාගාරික ධුරයට තේරී පත් වුණා.

මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අවධාරණය කළා.

ක්‍රීඩා, සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා වුණා.

එසේම ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් සහයෝගය වෙනුවෙන් කථානායකවරයා නවසීලන්ත රජයට සිය කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින්, සංචාරක, වෙළඳාම සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල මෙන්ම විශේෂයෙන් කාන්තා ක්‍රිකට් සහ පිරිමි රග්බි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පැවසුවා.

පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීම තුළින් ක්ෂේත්‍ර ගණනාවක් හරහා දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබිය හැකි මුලපිරීම් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළා.

මෙම රැස්වීමට ප්‍රථම මහ කොමසාරිස්වරයා සහ කථානායක ජගත් වික්‍රමරත්න අතර සාකච්ඡාවක් ද පැවති අතර, එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30