spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ලොකුගේ තෙල් ප්‍රශ්නය විසදෙන දවස

ලබන බ්‍රහස්පතින්දා වනවිට ඛණිජ තෙල් ගැටලුව අවසන් කරන බවට අමාත්‍ය ගාමිණී ලොකුගේ සහතිකයක් ලබාදී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර විගමණික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමෙරිකා ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේදී මෙරටට ප්‍රෙෂණය කිරීම දිරිමත් කිරීම මෙන්ම විගමණික ශ්‍රමිකයින් ඇගයීම සහ පවුල්වල සාමාජිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම මෙහි අරමුණයි.

අපනයන ප්‍රගතිය මත පදනම් වූ දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව පෙර වර්ෂයේ අදාළ කාර්තුවට සාපේක්ෂව සියයට දහයක අපනයන ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන වෙත පසුගිය කාර්තුවේ ඉපැයූ අපනයන ආදායමට වඩා උපයා ඇති සෑම ඇමෙරිකා ඩොලරයකටම රුපියල් 30 ක දිරිදීමනාවක් ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?