ඇමති මහින්දානන්ද කුමන්ත්‍රණයක් ගැන ලොවටම හෙලි කරයි

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසු කඩිනමින් ඉහළ ගිය එළවලු මිල රසායනික පොහොර යළි ආනයනයට අවසර දී දින දෙකකින් විශාල ලෙස පහළ බැසීම හරහා කාබනික වගාවට එරෙහිව පැවති කුමන්ත්‍රණය මනාව පැහැදිලි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

“කාබනික වගාවේ ඉදිරිගමන පිළිබඳ ජාතික කතිකාව“ යන මැයෙන් අද පෙරවරුවේ කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම සම්මන්ත්‍රණය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ එක රැයකින් තනි තීරණයකට නෙමෙයි. කෘෂි විද්වතුන් ගෙන්වලා. ඒ පිරිස තමයි සෞභාග්‍යෙය් දැක්මේ මේ වගන්තිය ලියන්නේ. ඒ වගේම ඒ පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ කථිකාවක් කරලා තමයි මේ තීන්දුව ගන්නේ. හැබැයි ජනාධිපතිතුමා ගත්ත මේ තීන්දුවේ වටිනාකම මේ රටේ  කිසිවෙක් අතට ගත්තේ නැහැ. ඒ තීන්දුව දේශපාලනීකරණය වුණා. අවසානයේ මේකට විරුද්ධව ගොවි ජනතාව පාරට බැහැලා මේ ගත්ත තීන්දුව නිසා ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් ලෙස අපි තීන්දු කළා රසායනික පොහොර ආනයනය තහනම ඉවත් කර ගන්න. හැබැයි අපි හැප්පුනේ සීගිරි කන්දටත් එහා ගිය රසායනික මාෆියාව එක්ක. 

හැම මාධ්‍යවේදියෙක්ම ආර්ථික මධ්‍යස්ථානවලට ගියා. ඒ ගිහින් කැමරාවට පෙන්නවා. කැරට් කිලෝ 1 රු 500, ලූණු කිලෝ 1 රු.500යි. කැරට් අලය මෙච්චරයි, අල ගෙඩියක් මෙච්චරයි. රසායනික තහනම ඉවත් කරලා දවස් දෙකක් ගියාට පස්සේ රු.500 කැරට් කිලෝ එක රු.250යි. රු.500 අල කිලෝ එක රු.250යි. මෙච්චර කැරට් අල මෙච්චරයි කියලා ඒ රූපවාහිනියෙන්ම පෙන්නුවා. අපේ රටේ ඩොලර් හිඟයක් තියෙනවා කිව්වා. අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර ගේන්න පුද්ගලික බැංකු සල්ලි නැහැ කියනවා. අපි රසායනික තහනම ඉවත් කළා සතියකට කලින්. අද සියලු බැංකු නෑ කියපු ඩොලර් ටික එළියට අරගෙන රසායනික පොහොර ආනයන කරන්න LC ඇරලා. එතකොට එක දවසින් කැරට් ලොකු වෙනවානම්. එක දවසින් අල ලොකු වෙනවානම්. එක දවසින් නැති ඩොලර් ඇති වෙනවා නම්. මේ  පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියන එක අපට ඉතාම පැහැදිලි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16