ඇමති මනුෂගේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ නිල ෆේස්බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිවලට ගෙන එන යෝජිත සංශෝධන පිළිබඳ සාකච්ඡාවක සජීවී විකාශනයක් අතරතුරයි අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුම මෙලෙස හැක් කිරීමට ලක්ව ඇත්තේ.

සයිබර් ප්‍රහාරයෙන් පසු හැකර්වරුන් අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවට අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවියකට සම්බන්ධ කර සබැඳියක් (link) එක් කර තිබුණා.

අමාත්‍ය මනූෂ නානායක්කාරගේ මාධ්‍ය අංශය සඳහන් කළේ ෆේස්බුක් ගිණුම යථා තත්ත්වයට පත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍ය මනූෂ නානායක්කාරගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32