ඇමති මණ්ඩලය අද දිවුරුම් නොදෙයි ?

නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දීම අද දිනයේදී සිදුනොවෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. නව ඇමති මණ්ඩලය බොහෝ විට හෙට දිනයේදී හෝ සිංහල – හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුකරනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අද දිනයේදී විශේෂ සාකච්ජාවක් සිදුකිරීමට ද නියමිතව ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ජනාධිපතිවරයා විසින් මෙවර පත් කිරීමට සුදානම් වන නව කබිනට් මණ්ඩලයට තරුණ දේශපාලඥයින් ට ප්‍රමුඛ ඉඩක් ලැබෙනු ඇති බවට ද වාර්තා පළවනවා.