spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති බන්දුලගෙන් සුපිරි සහනයක් මෙන්න

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය සමග ගිවිසුමට අත්සන් තැබීමද එහිදී සිදුකෙරුණි.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එකවර පොල් ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේය.

“මේ වර්ෂය පුරාවට ම ලොකු පොල් ගෙඩියක් සතොස මගින් උපරිම මිල රු 75කට අලෙවි කරනවා. එක පාරිභෝගිකයෙකු ට අපි පොල් ගෙඩි 5ක් ලබාගන්න පුළුවන්. එහෙම පොල් ගෙඩි වශයෙන් ලබාගන්න බැරි පාරිභෝගිකයින්ට ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත අපනයන තත්ත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි රු 150කට සතොසෙන් ලබාගන්න පුළුවන්. පොල් ගෙඩියක් උපරිම වශයෙන් රු 75යි. වෙළෙඳපොළේ මිල අඩු වුණොත් අඩු කරනවා. වැඩි වුණොත් වැඩි කරන්නේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?