ඇමති නාමල් සහ ප්‍රසන්න වැලි කඳු අතර දුෂ්කර ගමනක

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය අද විවෘත කෙරුණා. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන්. ඒ කොළඹ වරාය නගරයේයි.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක් පැතිර තිබේ. එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මෙම ATV වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය කර සිටියා.

මෙරට මුල්ම ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේයි. ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබේ. එය කළුගල් කඳු අතර සැකසුනෙකි. අද කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ATV ධාවන පථය මෙරට බිහිවුනු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය වේ.

මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වන බවයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවසුවේ.

No description available.
No description available.
No description available.
No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09