spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ජීවන් තොන්ඩමන් අස්ගිරි මහ නාහිමියන් බැහැදකී

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහ දැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මහනාහිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව හින්දු සහ බෞද්ධ ආගමික සහජීවනය වෙනුවෙන් විවිධ කටයුතු සිදු කරමින් පවතින බවයි.

පක්ෂයේ දිවංගත නායක වන සෞම්‍යමුර්ති තොණ්ඩමන් හා ආරුමුගම් තොන්ඩමන් යන මහත්වරුන්ගේ කාලයේ සිටම මහනුවර අස්ගිරි විහාරස්ථානය සමග සබඳතාවයකින් පසු වු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඉන්දීය රජයෙන් ලැබෙන මූල්‍යධාර භාවිත කරමින් බෞද්ධ විහාරස්ථාන වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසටයි මහා නායක හිමියන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?