ඇමති කිව්ව විදියටම සතොසෙන් අඩුවට හාල් හා පොල් (වීඩියෝ)

රට තුළ මේ දිනවල ඉතා ඉහළ මිලකට එනම්; රුපියල් 200ක් වැනි මිලකට විකිණෙන පොල් සහ හිඟයක් නිර්මාණය වී ඇති සහල් අර්බුදයට තිත තැබීම සඳහා වත්මන් රජය කෙටි කාලීන පියවරක් අනුගමනය කර තිබෙනවා.

ඒ ඉතා සාධාරණ මිල ගණන් යටතේ සහල් සහ පොල් දිවයින පුරා පිහිටි සතොස මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමේ ක්‍රියාවලියයි.

ඒ අනුව අද (05) දිනයේ සිට සතොස හරහා සහනදායි මිලට පොල් සහ සහල් ලබාදෙන බව ඊයේ (04) දිනයේ දී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

එම ප්‍රකාශය ම අනුව අද දහවල් 12න් පසුව බත්තරමුල්ල සතොස ට පොල් සහ සහල් පැමිණීම සිදු වුණා.

මෙහිදී එක් පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් අලෙවි කෙරුණු අතර එක් පුද්ගලයකුට පොල් ගෙඩි 3ක් මිල දී ගැනීමට හැකියාව ලැබුණා.

එමෙන්ම හාල් කිලෝග්‍රෑම් 03 බැගින් ද මිල දී ගැනීමට අවස්ථාව සලසා තිබූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34