spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති කංචනගෙන් පෞද්ගලික බස් හිමියන් වෙත විශේෂ ඉල්ලීමක්

මගී ප්‍රවාහන බලපත්‍රයක් හිමි පෞද්ගලික බස්රථ හිමියන්ගෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විශේෂ ඉල්ලීමක් කරනවා.

අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ එම බස්රථ සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත නොයන ලෙසයි.

ඒ අනුව එම සියලු පෞද්ගලික බස්රථවලට අවශ්‍ය ඉන්ධන තමන්ට ළඟම ඇති ලංගම ඩිපෝවෙන් ලබා ගන්නා ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

ඒ, සඳහා මේ වන විටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

බස්රථ පැමිණීමේ පිළිවෙල අනුව මෙලෙස ඉන්ධන නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?