ඇමති අරුන්දික ඉදිරියේ ASP කියූ කතාව සමාජ මාධ්‍යයට

වෙන්නප්පුව ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට ලබාදී ඇති ස්ථාන මාරුව සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මේ වන විට එම නිලධාරියා මාරු කර යවා ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියන්නේ එම නිලධාරියා වැඩක් කරන්න පුලුවන් නිලධාරියෙක් වුවත් වෙනත් හේතුවක් නිසා ඔහු මාරු කර යැවූ බවයි.

එම කතාබහ වඩාත් තීව්‍ර වූයේ එම ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යැවූ ලිපියක් සහ දෙදෙනා අතර ඇති වූ සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමගයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් මැඩලීම සඳහා ඔහු පිහිටුවා තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන්ට ද ස්ථාන මාරු ලබාදීම පිළිබඳ සමාජ මාධ්‍ය පුරා දක්නට ලැබුණේ දැඩි විරෝධයකි.

වෙන්නප්පුව ජනතාව ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළකර තිබුණේ එරික් පෙරේරා මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් ඇතුළු දූෂණ මර්දනය සඳහා අවංකව කැපවුණු නිලධාරියෙකු බවයි.

වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” ග්‍රන්ථයේ ද එරික් පෙරේරා පිළිබඳව ඇගයීමක් කර තිබුණා.

ඒ 2002 සටන් විරාමය අතරතුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් අම්පාර කච්චාන්කුඩා පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර රැකගන්නට ගත් උත්සාහය සම්බන්ධයෙනි.

මීරිගම සහ වත්තල යන ප්‍රදේශවල සේවය කරමින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් මැඩලීමට ක්‍රියාකළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ රාජකාරී පිළිබඳ එම ප්‍රදේශවල ජනතාව තුළ තිබී ඇත්තේ ප්‍රසාදයකි.

එරික් පෙරේරා මහතා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී ලෙස 2019දී රාජකාරී අරඹන අතර දිගු කලක් තිස්සේ එම ප්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන ගිය “ඕළු මරා” නමැත්තා ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු රාජකාරී අරඹා දින කිහිපයක් තුලයි.

මෙවන් පසුබිමක් මත සහකාර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක් ලැබීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වුණා. 

මෙවන් පසුබිමක 2020 පෙබරවාරි මාසයේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරන රැස් වීමේදී ප්‍රදේශයේ කසිප්පු ජාවාරම මැඩලීම පිළිබද එරික් පෙරේරා කළ කතාවක හඩ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් තිබෙනවා.

මෙම හඩ පටයේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද අදහස් දක්වන අතර මහාපරිමානයෙන් කිසිප්පු ජාවාරම කරන අය සම්පූර්ණයෙන් නතර කිරීමේ කිසි ප්‍රශ්නයක් නැති නමුත් කුඩාවට කරන අයට ඔවුන් කුමක් හෝ විකල්පයක් හදුන්වා දෙන තුරු සානුකම්පිතව බලා සහනයක් සලසන ලෙස එරික් පෙරේරා ගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී ඇමැතිවරයාට පිළිතුරු දෙන සහකාර පොලිස් අධිකාරීවරයා මෙසේ පිළිතුරු දෙනවා, 

‘‘ගරු ඇමැතිතුමනි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව අපිට කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් කරන්න බෑ. නීතියෙන් ඒක කරන්න අමාරුයි. මොකද මේක කැටගරයිස් කරන්න අමාරුයි මෙයා මහාපරිමාණ කෙනා මෙයා අඩු කෙනා, මෙයාට අනුකම්පා කරන්න ඕන කියලා තීරණය කරන්න ගියොත් ඒ වාසිය සියලු දෙනා ලබා ගන්නවා. ඔබතුමා කිව්ව කතාව ඇත්ත, මහා පරිමාණයේ කසිප්පු ජාවාරම් කරන අයට පොලිසියේ නිල ඇඳුම් අදින සමහරු අත තියන්නේ නැහැ. නමුත් නිල ඇඳුමක් අදින මම ඒක පිලිගන්නවා. ඒ අයට අත තියන්න බැරි නම් මම අත තියනවා. මොකද මම හිටපු හැම තැනම ඒක කළා. මේ පාරත් ඒක කරනවා‘‘

මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරයාගේ කතාවට ජනතාව අත්පොලසන් දෙන අතර තමන් වෙන්නප්පුවෙන් කසිප්පු අතුගා දමන බවටද මෙහිදී සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රතිඥා දෙනවා.

  1. යකෝ මේක කසිප්පු කාරයොන්ට, කැලෑ පාලුවෙන්ට, බදු හොරාකන උන්ට ගිය රට වුනානෙ අප්ප මේ ජනාදිපති වරනයෙන් පස්සෙ … අර දෙරන හිරු වල බොරු මවාපෑම් වලට මිනිස්සු අහු උනා… අන්තිමට රටේ කවදාවත් නැති විදියට හාල් ගනන් ….අහින්සක මිනිස්සු තමයි හැමතැනින්ම තැලෙන්නෙ …
    අනේ අපේ රටට වෙච්චි දෙයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05