ඇමති අණින් දුම්රිය ගාස්තු වැඩි කිරීම “රිවර්ස්” වෙයි

අද (24) පස්වරුවේ දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ නව ගාස්තු ඇතුළත් ලිපිය තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි වුවත්, තවමත් එම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරින් සමග ගාස්තු වැඩිවීම පිළිබඳ වන සාකච්ඡාව අද පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර, කිසියම් අයුරකින් මාධ්‍ය වෙත තවමත් එකඟ නොවූ ගාස්තු වැඩි කිරීමේ ලිපිය මුදා හැර ඇති බව ද අමාත්‍ය අමුණුගම සඳහන් කර සිටියා.

කෙසේවෙතත් නව ගාස්තු සම්බන්ධයෙන් අද රාත්‍රියේ දී පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එළඹෙන සඳුදා දිනයේ සිට යම් කිසි අයුරකින් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

අද දහවල් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, කොළඹ සිට උඩරට දුම්රිය සහ උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනය වී ඇති බවයි.

ඒ අනුව කොළඹ සිට උඩරට දුම්රිය ගාස්තුහි පළමු මැදිරිය රුපියල් 1000ක් ද දෙවැනි මැදිරිය රුපියල් 500ක් සහ තුන්වැනි මැදිරිය රුපියල් 300ක් ද වන බවයි නිවේදනය කෙරුණා.

අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මෙලෙස අත්හිටුවා ඇත්තේ එම මිල වැඩි කිරීමේ නිවේදනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09