ඇමතිතුමා නොදන්නා දේ ජනතාවගෙන් අහයි

වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තාවකාලික බවත් ඒ්වා විසඳාගත හැකි බවත් වාරිමාර්ග අමාත්‍යතු සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

සහල් කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව පවසන අමාත්‍යවරයා එහි මිල කීයක්වන්නේ දැයි රැස්වීමක් අමතමින් ජනතාවගෙන් විමසා සිටියා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 125ක් පමණ වන බව තමන්ට තිස්සමහාරාමයේ සහල් මෝල් හිමියෙකු පැවසූ බවයි.

එහිදී රැස්ව සිටි ජනතාව අමාත්‍යවරයාට පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 156 ක් පමණ වන බවයි.

පසුව චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ රුපියල් 156 කට මිලදී ගන්නා සහල් කිලෝවක් දෙදෙනෙකුට සතියකට ප්‍රමාණවත් වන බවයි.

එසේ නොමැතිනම් එය පවසන ලෙසත් නොදන්නා නිසා අසන බවත් කියා සිටි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ගොස් ඒවා පිළිබඳව දැනුවත් කිරීමට හැකි බවද සඳහන් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33