spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමතිතුමා නොදන්නා දේ ජනතාවගෙන් අහයි

වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තාවකාලික බවත් ඒ්වා විසඳාගත හැකි බවත් වාරිමාර්ග අමාත්‍යතු සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

සහල් කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව පවසන අමාත්‍යවරයා එහි මිල කීයක්වන්නේ දැයි රැස්වීමක් අමතමින් ජනතාවගෙන් විමසා සිටියා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 125ක් පමණ වන බව තමන්ට තිස්සමහාරාමයේ සහල් මෝල් හිමියෙකු පැවසූ බවයි.

එහිදී රැස්ව සිටි ජනතාව අමාත්‍යවරයාට පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 156 ක් පමණ වන බවයි.

පසුව චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ රුපියල් 156 කට මිලදී ගන්නා සහල් කිලෝවක් දෙදෙනෙකුට සතියකට ප්‍රමාණවත් වන බවයි.

එසේ නොමැතිනම් එය පවසන ලෙසත් නොදන්නා නිසා අසන බවත් කියා සිටි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ගොස් ඒවා පිළිබඳව දැනුවත් කිරීමට හැකි බවද සඳහන් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?