ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය හා එක්වන්නැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආරාධනා කළේ ය.
ඔහු මේ ආරාධනාව සිදු කළේ, අද (ජන. 4) දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසීමක් කළ අවස්ථාවේදී ය.
මහජන නියෝජිතයෙකු තමා පත් කළ ජනතාව වෙනුවෙන් අවංකව අදහස් දැක්වීම හේතුවෙන් ඇමතිකමින් ඉවත් කිරීම “සාධාරණ නොවන, සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවට හෙළා දකිනවා” යැයි ඔහු පැවසී ය.
ඔහු ප්‍රකාශ කළේ, “පොහොට්ටුව වැනි ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු නොකරන පක්ෂයක තවදුරට ත් ඉන්න එපා” යනුවෙනි.
එබැවින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සඳහා ජනතාවගේ පැත්තේ හිට ගන්න සමගි ජනබලවේගයට එකතු වන්නැයි ලෙස ඔහු ආරාධනා කළේ ය.
මේ අතර ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව යන අමාත්‍යවරුන් ද රජය විවේචනය කර ඇති ආකාරය පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් මරික්කාර් මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, “ඒ ගොල්ලෝ ඉතින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇත්තට ම හිටගන්න අය ද කියලා අපට සැකයක් තියෙනවා” යනුවෙනි














මුන්ට ඕනෙ රට නෙමෙ : ඇමතිකම් පමනයි : පුදුම වෙන්න ඕනෙ නෙහෙ මූ වාගෙ ස ජෙ බේ හරි ජෙ වී පී හරි මුස්ලිම් කොන්ග්‍රසයට හරි යනවා මුන් ඇමති කමක් දෙනවා නම් / පාර්ලිමෙන්තුවෙ ඉන්න කම් කිසිම වෙඩක් නොකරපු . ජනතා බදු මුදල් වලින් නඩත්තු උන එකෙක් මූ.
කුණු බිත්තර ගහන්න ඕනේ ලැජ්ජා නැති වදුරෝ