ඇප මත සිටින මර්වින් අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට උසාවියට (වීඩියෝ)

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියා.

කෙසේ වෙතත් අදාළ නඩුව විභාග කරන විනිසුරුවරයා අද දිනයේ නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ලබන 28 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කර සිටියා.

2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම විසින් මර්වින් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනාවල සඳහන්.

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වනවා.

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75,000ක මුදලක් වැය කර ඇති බවත්, හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53