ඇප බැඳීම අද දවල් 12න් අවසන් – තැපැල් ඡන්දයටත් දින දෙයි

2024 ජනාධිපතිවරණයට අදාළ ව ඇප මුදල් භාර ගැනීම අද (14) දහවල් 12 න් අවසන් වනවා.

මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සැප්තැම්බර් මස 04,05 සහ 06 යන තෙදින නම්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළා.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ රැස් වූ අතර; එහිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ගැන අවසන් තීරණයකට එලැඹුණා.

ඒ අනුවයි තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම සැප්තැම්බර් මස මුල් සතියේ; එනම් සැප්තැම්බර් 04,05 සහ 06 යන තෙදින නියම කෙරුණේ.

එම තෙදින තුළ දී ද සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූවන් හට සැප්තැම්බර් මස දෙවැනි සතියේ එනම් 11 සහ 12 යන දෙදින තැපැල් ඡන්දය භාවිත කිරීමට යළිත් අවස්ථාවක් ද හිමිගන්වා තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට එක් වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ද සිදු කෙරුණු අතර; එය පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් සිදු කෙරුණේ රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදීයි.

මේ වනවිට සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 16 දෙනෙකු ද, වෙනත් පක්ෂ නියෝජනය කරමින් එක් අපේක්ෂකයෙකු සහ ස්වාධීන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 19 දෙනෙකු සමගින් මුළු ජනපති අපේක්ෂකයින් 36 දෙනෙකු මෙවර ඉදිරිපත් ව සිටිනවා.

අද මධ්‍යාහ්න 12න් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණු පසු, ජනපති අපේක්ෂකයින් සහ නියෝජිතයින් සමග මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

ඒ හෙට පෙරවරු 09 සිට 11 තෙක් පැවැත්වෙන නාම යෝජනා භාරදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීම සම්බන්ධවයි.

නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිත ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ඊයේ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46