ඇප දුන් කෙහෙළියව අදත් උසාවියට අරන් ගිහින්

ඊයේ (11) අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළ ව ඔහු ව මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අධිකරණය නියෝග කර ඇත්තේ.