ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය ?

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේද කරන්නේ ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් අනිද්දා (27) දැනුම් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දැනුම් දී තිබේ.

එමෙන්ම,ගත වූ සතියේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊට කලින් සතියේ වාර්තා වූ මරණ ප්‍රමාණයට වඩා 75% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටින්නේ මෙම තත්ත්වය මත විද්‍යාත්මක ක්‍රමයකට මිස රට විවෘත නොකළ යුතු බවයි.

ඉදිරි දිනවල දී රට පුරා කොරොනා පැතිර ගොස් මරණ වැඩිවීම වළක්වා ගැනීමට නම් පියවරයන් කිහිපයක් අනුගමනය කළ යුතුව ඇති බව ද ඇය පෙන්වා දෙයි. එන්නත ලබා නොගත් අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් ඇතුළු අනෙකුත් අය ලැබෙන පළමු අවස්ථාවේම එන්නත ලබාගත යුතු බවත්, අන් අයට රෝගය බෝ නොවන ලෙස කටයුතු කළ යුතු බවත් කොරොනා රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දැනුවත් වීම සිදුවිය ඇය කියා සිටියාය.

අධික ලෙස මරණ ප‍්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් දින 10න් පසු නැවත රට විවෘත කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇතැයි ඇය තවදුරටත් පැවසුවාය. එමෙන්ම,මේ ඇඳිරිනීතියේ ප්‍රතිඵල ඉදිරියේදී බලාගන්න පුලුවන් රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉතාමත් හොද තත්ත්වයක පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ රට සම්පූර්ණයෙන් විවෘතව තැබීමට වඩා දැන් පවතින ආකාරය ඉතා යහපත් බවයි. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතියේ ප්‍රතිඵල ඉදිරියේදී දැක ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුකළ යුතුද නැද්ද යන්න පිළිබදව තමන්ට පැවසිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51