ඇඳිරිනීතිය කඩකළ වාහනවලට වෙන දේ !

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 625 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එහිදී රථවාහන 63ක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාතෙන් පිටවන සහ බස්නාහිර පළාතට ඇතුළුවන ස්ථාන 13කදී ඊයේ දිනයේ වාහන 858ක් සහ පුද්ගලයින් 1,470 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 62,710කි.