ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 664 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (02) රාත්‍රියේ සිට අද (03) උදෑසන 06 දක්වා බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 664 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක මොහොතේ දී එකී නීතියට පටහැනිව ක්‍රියාකරන්නන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි බස්නාහිර් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.