ඇදිරි නීතිය තවත් දීර්ඝ කරයි..?සෞඛ්‍ය පද්ධතිය දැඩි කඩා වැටිමක

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය රට වැසීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට නම් ….

කොරෝනා වසංගතය පාලනය කිරීමේ ප්‍රධානම අවිය පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට එය පැතිරීම වැළැක්වීම බව මුළු ලොව ම හොඳින් දන්නා කරුණකි. මේ සඳහා ප්‍රධාන වන්නේ පුද්ගලයන් එක්වීම සහ එකිනෙකා මුණ ගැසීම අවම කිරීමයි. මේ වසංගතයේ පාලනය සම්බන්ධයෙන් දැනට රජය ගෙන ඇති පියවර අප ඉතා අගය කරන අතර මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වන සීඝ්‍රගාමී ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලද ඒ සඳහා මහඟු කාර්යයක් කරනු ඇත.

කෙසේ වුවද දැනට භාවිතා වන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව ඉතා ලිහිල් සහ නොසැලකිලිමත් ලෙස හැසිරෙන ආකාරය දැකීම, රෝගය පැතිරීම උච්චතම වී ඇති මෙම අවස්ථාවේදී අප ඉතා දැඩි කනස්සල්ලට පත් කරන්නකි. රෝගය දැඩිව පැතිරීම වැලැක්වීම, දැඩි ලෙස රෝගාතුර වූ අයගේ සංඛ්‍යා අඩු කිරීම සහ මරණ සංඛ්‍යාව අඩු කිරීම යන අපගේ ඉලක්ක කරා යෑමට හා ආර්ථිකය නැංවීම යන බලාපොරොත්තු මෙවැනි ලිහිල් සංචරණ සීමා මගින් කෙසේවත් බලාපොරොත්තු විය නොහැක.

මේ සඳහා අපගේ කාරුණික ආයාචනය නම් මීට වඩා දැඩි සංචරණ සීමා මගින් භෞතික ලෙස පුද්ගලයින් එකිනෙකා මුණ ගැසීම වැළැක්වීම සඳහා මහජනතාව ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවීමේ වැඩපිළිවෙලක් සඳහා ඔවුන් දැනුවත් කිරීම සහ පෙළඹවීම කළ යුතු බවයි.

අප විසින් මින් පෙර ද පෙන්වා දුන් පරිදි ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක කරා ළඟා වනතුරු මහජනතාව විසින් මෙය ට ඉතා දැඩි ලෙස අනුගත වීම අත්‍යවශ්‍යම කරුණකි. දෛනික රෝගීන් ගණන මෙන්ම මරණ සංඛ්‍යාව අතින්ද අප රට ලෝකයේ ඉතාමත්ම ඉහළ සංඛ්‍යාවක් පෙන්නුම් කරන රටක් බවට පත්වීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් ලෙස අපි දකිමු.

අපගේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත් දැඩි කඩාවැටීමකට පත්වෙමින් ඇති අතර ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් වැඩි වීම සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සැලකිය යුතු කොටසක් මෙම රෝගයේ ම ගොදුරක් බවට පත් වීම මෙයට ප්‍රධාන හේතු වේ. අප රටේ දැනට පවතින තත්ත්වය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පත්කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් 26/08/2021 දින ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක වාර්තාව අප අනුමත කරන අතර, අප තව දුරටත් අනෙකුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් මෙන්ම ආර්ථික විශේෂඥයින් සමග ලෝකයේ අනිත් රටවල් හා සංසන්දනාත්මකව අපගේ වර්තමාන තත්ත්වය සාකච්ඡා කරන අතර, රටක් වශයෙන් අප රටේ සුවිශේෂිත ලක්ෂණ ගැනද මෙම සාකච්ඡාවලදී ප්‍රමුඛත්වය දීමට අප අමතක නොකරමු.

මෙම සියල්ලන් යෝජනා කරන ප්‍රධාන කරුණක් නම් දැනට අප තාවකාලිකව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා වලින් මිදී රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමේ කර්තව්‍යයේදී මනුෂ්‍ය ජීවිත බේරාගැනීම සඳහා ප්‍රමුඛතාව දීම ඉතා වැදගත් වන බවයි. මෙවැනි පසුබිමක් යටතේ අපගේ ප්‍රධාන ඉල්ලීම් වශයෙන් අප යෝජනා කරන්නේ –

01.රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම මගින් සෞඛ්‍ය අංශ මත ඇති දැඩි බලපෑම් අඩුකිරීම.

02.දිගුකාලීන වැඩපිළිවෙළක් මගින් රටේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම අවශ්‍ය බව සහ මේ සඳහා කෙටිකාලීන මාර්ග ගැන බලාපොරොත්තු නොතැබිය යුතු බව

03.අන්තර්ජාතික ප්‍රජාවේ පිළිගැනීම සහ අනුමැතිය අනුව රට නැවත විවෘත කිරීමට කටයුතු කිරීමේ වැදගත් බව.

ඒ සඳහා අපගේ කාරුණික ආයාචනය නම් රට තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා, ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක සපුරා ගන්නා තුරු තවදුරටත් ඉතා දැඩිව ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු අතර මෙමගින් අප බලාපොරොත්තු වන්නේ –

 01.කොරෝනා මරණ අඩු කිරීම මගින් ආර්ථිකයට වන පාඩු අවම කිරීම සහ එමගින් රට නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් ආර්ථිකය නැවත ඉහළ නැංවීම

02.ඉතා දැඩි අර්බුදයකට ලක් වී ඇති සෞඛ්‍ය සේවා , කොරෝනා රෝගීන් ට මෙන්ම අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යථා තත්වයට පත් කිරීම.

03.අන්තර්ජාතික ප්‍රජාව මගින් සංචරණය සදහා ලබාදෙන “කොළ” තත්ත්වය මෙම වසර අවසානයේදී හෝ ලබාගැනීමෙන් ආර්ථික සංවර්ධනය සඳහා ඇති හැකියාව මුදුන්පත් කර ගැනීම.

මෙයට අමතරව , ජනාධිපතිතුමා මෙන්ම රජයද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් විශේෂඥ සංවිධාන සමග නිරන්තරව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීම මෙහිදී ඉතා වැදගත් වන බව ද අපගේ හැඟීමයි.

අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මෙහිදී යලිත් ඉල්ලා සිටින්නේ දැනට රට මුහුණ පා ඇති මෙම දැඩි වසංගත අවස්ථාවේ දැනට පවත්නා සංචරණ සීමා ලිහිල් නොකර අඩු වශයෙන් තව සති තුනකට හෝ එම සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, එයින් පසු රටේ වාතාවරණය සමාලෝචනය කිරීමෙන් පසු ආරක්ෂිත ලෙස රට විවෘත කිරීිමට ඉදිරි පියවර ගත යුතු බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38