ඇදිරි නීතිය තවත් කල් යනවද? රාජ්‍ය ඇමති දිලුම්

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උපරිමයෙන් දින 14කට එහා නොයන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රුපියල් 2000සේ දීමනාව ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහනුවරදී අද මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සෞඛ්‍ය ඇතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකට අභියෝගයක් එල්ල කළා.

මේ අතර ,රට වසාදමන කාලසීමාව අඩුකර ගැනීමට කටයුතු නොකළහොත් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“රට වැසීම හරහා තිබෙන පාඩුව අපිට මඟහරවා ගැනීමට නම් පුළුවන් තරම් ඉක්මනින් අපේ රට යථා තත්ත්වයට ගෙන එන්න ඕනේ. අපි දන්නවා ජීවිතය ඉතාමත් වැදගත්. ඒත් එක්කම ජීවනෝපායත් වැදගත්. ජීවනෝපාය නැති වුණොතින් ඒක සිදුවන අයට තමයි තේරෙන්නේ ඒකේ වේදනාව. පුළුවන් තරම් ලොක්ඩවුන් කෙටි කරන්නට ඕනේ. කෙටි කළේ නැත්නම් ඒකෙන් දෙපැත්තක කරුණු රාශියකට අපිට පළවිපාක විඳින්නට වෙනවා. අපේ රට පිට රටවල් සමග කරන ගනුදෙනු ඩොලර් පාවිච්චි කරන්න වෙනවා නම් අපිට ඒ පිළිබඳ ඩොලර් උපයා ගන්න ඔනේ. සමහර තැන්වලදී අපට එය මදිවීමක් සිදුවෙනවා නම් අපිට වෙන පැත්තකින් අඩුකරන්න වෙනවා. රථවාහන ගෙන ඒම නතර කළා. ඒ වාගේ තීරණ ගන්නට සිදුවෙනවා.”

  1. කොහොමත් තෙල් නැව එනකම් විතරක් රට වහා ගත්තහම ඇති. මොකද මෙ රට වැහුවේ අපිට තියෙන ආදරෙට වත් රටට තියෙන ආදරෙට වත් නෙමෙයි. ලැජ්ජාවේන් බෙර්න්න. නැත්නම් මේ බගෙට වහාගෙන මෙක පලනය කරන්න බැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15