ඇතුළු නුවර අධ්‍යයනයට සිව්වසරක ව්‍යාපෘතියක්

පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුළු නුවර පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යයනය කිරීමේ සිව්වසරක ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ලාන්ට්‍රොන් විශ්වවිද්‍යාලයේ සහයෝගී ව්‍යාපෘතියක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මෙය දියත් කරනවා.

ඉතිහාස මූලාශ්‍රවලට අනුව සියවස් දෙකක කාලයක් පාලකයන් 16 දෙනෙකු පොළොන්නරුවේ සිට රාජ්‍ය පාලනයේ නිරත වුණා.

එම කාලය තුළ අනුරාධපුර යුගයට සාපේක්ෂව මෙරට ශිල්ප කලාවන්හි බොහෝ වෙනස්කම් සිදුව ඇති බවට බොහෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වී තිබෙනවා.

පොළොන්නරුව පෞරාණික නගරයේ ඉතිහාසය පිළිබඳ නව අධ්‍යයනයක් සිදු කිරීමට පර්යේෂකයින් පිරිසක් මේ දිනවල පොළොන්නරුව පුරාවිද්‍යා භූමියට අයත් ඇතුළු නුවර ප්‍රදේශයේ පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ලාන්ට්‍රොන් විශ්වවිද්‍යාලයේ සහයෝගී ව්‍යාපෘතියක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ යාපනය විශ්වවිද්‍යාලය එක්ව මෙම ව්‍යාපෘතියෙහි පර්යේෂණ සිදුවනවා.

පොලොව අභ්‍යන්තරයේ මීටර් පහක දුරක් ගැඹුරට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් පවතින ජී.පී.ආර්. ලෙස හඳුන්වන ස්කෑන් යන්ත්‍රයක් මගින් මේ දිනවල පොළොන්නරුව නගරයේ ඇතුළු නුවර ලෙස සැලකෙන ප්‍රදේශයේ පර්යේෂණ මේ දිනවල ආරම්භ කර තිබෙනවා.

කැණීම් යන්ත්‍රයෙන් ලබාදෙන දත්තවලට අනුව පරාක්‍රමබාහු රජතුමාගේ රජ මාලිගාව තිබෙන ස්ථානයට පිවිසෙන, වර්තමානයේ රථගල ලෙස හඳුන්වන ස්ථානයේ පොළොව අභ්‍යන්තරයේ තවත් නටබුන් රාශියක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව පර්යේෂකයින් පවසනවා.

පර්යේෂණයේ පළමු අදියරේ ස්කෑන් කිරීම ලබන 26 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතයි.

එම දත්ත විශ්ලේෂණයෙන් පසු පර්යේෂණයේ දෙවැනි අදියර ලබන ජුනි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42