ඇතැම් ප්‍රදේශවල ගංවතුර අවදානම හෙටින් පසු ඉවතට

පසුගිය දින කිහිපයේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවල හටගත් ගංවතුර අවදානම හෙට දිනයේදී පහව යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, කටාන, වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා.

නිල්වලා ගඟ ද්‍රෝණියේ කිරම ආර අවට මුලටියන සහ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ප්‍රදේශ ආශ්‍රිතව නිකුත් කෙරුණු ගංවතුර අවදානම් නිවේදනයද අද දිනයේත් බලාත්මකයි.

මේ අතර, දිවයිනේ ජලාශ ගණනාවක් මේ වනවිට වාන් දමමින් පවතිනවා. කෙසේ වෙතත්, බොහෝ ජලාශවල වාන් දැමීමේ සීග්‍රතාවය ඊයේ වර්ෂාව පහත වැටීමත් සමග අඩු වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, අංගමුව යන ජලාශ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ උඩවලව, ලුණුගම්වෙහෙර, වෙහෙරගල යන ජලාශවල දොරටු අදත් විවෘත කර තැබුණා.

බලංගොඩ සිට වේලිඔය හරහා කතරගම ප්‍රධාන මාර්ගය කල්තොට වලවේ ගඟ අසලින් අද පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණා. ඒ, සමනල වැවේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග බලංගොඩ – කල්තොට ප්‍රදේශයෙන් වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන්.

ගිංගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ගඟ පහළ නිම්නයේ බුදපනාගම ලියනගහවිට තොටුපොළ ආසන්නයේ කිඹුලෙකු සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසනවා. ගිංගඟේ ආශ්‍රීතව කිඹුලන් ගැවසීම විරල අවස්ථාවක් බැවින් ප්‍රදේශවාසීන්
බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිඹුලා ඉවත් කරන දෙන ලෙසයි.

මේ අතර, වැල්ලවාය – සාදින්නාවල මාර්ගයේ කොටසක් රක්කිතාකන්ද ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් නාය ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 10ක් අවදානමට ලක්ව ඇති බව සඳහන්.
මාර්ගයේ විශාල කොටසක් නායයෑමට ලක් වීම හේතුවෙන් මාර්ගයේ එක් කොටසක ගමනාගමනයට බාධා එල්ල වුණා.

මේ අතර, බඩල්කුඹුර – අංකඩ වරාදොලවත්ත සිදුවු නාය යාමක් හේතුවෙන් අවදානමට ලක්වු පවුල් 28ක් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. නායයාමේ අවදානමක් හේතුවෙන් ඌවපරණගම ගලහගම ප්‍රදේශයේ පවුල් 60ක පුද්ගලයින් 195 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා.

මේ අතර, වර්ෂාවත් සමඟ පස් කඳු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද පෙරවරුවේ සිට යථා තත්වයට පත් කෙරුණා. ඒ අනුව දින දෙකකට පමණ පසුව අද පෙරවරු 10.15ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා සීග්‍රගාමී විශේෂ දුම්රියද පෙරවරු 11ට බදුල්ල සිට මහනුවර බලා භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ද ගමන් ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04