ඇත්තටම අපිට මොකද කරන්න පුලුවන්

ගතවන මේ මොහොත වනවිට ශ්‍රී ලංකාව වචනින් අපි නොකීවත් කඩා වැටුනු අසමත් රාජ්‍යයක් වී හමාරයි.කවුරුන් කෙසේ මොන ආලවට්ටන් දමා වසන් කරන්නට තැත් කලත් තිත්ත ඇත්ත එයයි.

ඔබත් මමත් හෙට උපදින කිරි දරුවාත් මෙහි වන්දි ගෙවිය යුතු තැනට මෙතුවක් රටකළ පාලකයයි සහ ඒ ඇත්තන්ට උඩගෙඩි දුන් වන්දිභට්ටයන් වගේම ඒ සිල්ල දෙස කිසිවක් නොවුනා සේ බලා සිටි ජනතාවද නන් අයුරින් සම්මාදම් වී ඇත. මේ කියන්නට යන්නේ දේශපාලනය හෝ රට කිරීම ගැන කතාවක් නොව.මේ කියන්නට යන්නේ ඇත්තට දැන් මොකක්ද කරන්න ඉතුරු කියන කතාවයි.

මේ මොහොත වන විට,
කිරි තේ කෝප්පයක් රුපියල් 100.00 යි
පාන් ගෙඩියක් රුපියල් 140.00යි
හාල් කිලෝවක් රුපියල් 200කට කිට්ටුයි
සීනී කිලෝවක් රුපියල් 220කට කිට්ටුයි
පරිප්පු කිලෝවක් රුපියල් 400කට වැඩී
පෙට්‍රල් ලීටරයක් රුපියල් 338යි මේ වෙද්දි
…..ඉතින් මේක තව දුරටත් ඉන්න හිතෙන රටක් නම් නෙවෙයි.බොහොම ඉක්මනට යන්න හිතෙන රටක්.

නිකමට හිතමු ඔබ රුපියල් 50 000 ක වැටුපක් ලබන කෙනෙක් කියලා.දවසක හාල් කිලෝවක් ගෙදරටම උයනවා නම් ඒකට රුපියල් 6000.00ක් වෙන්කරන්න වෙනවා.
බත් නිකම්ම කන්න බැරි නිසා දවසකට පරිප්පු ග්‍රෑම් 250ක් වගේ දාලා බැලුවොත් රුපියල් 3000ක් යනවා ඒකටත් වියදම.වැඩට යන්න එන්නේ බයික් එකක නම් ඔයාට දවසටම එක පෙට්‍රල් ලීටරයක් යනවා කියලා හිතුවොත් ඉන්ධන වියදම රුපියල් 10140.00 වෙනවා.

පාරෙදි මහන්සියට තේ එකක් එහෙමත් බිව්වොත් මාසෙට රුපියල් 3000ක් යනවා. කාලා බීලා වැඩට යන්න විතරක් සාමාන්ය මිනිහෙක්ට රුපියල් 22140.00 විතර යනවා.ගෙදර ලයිට් වතුර බිල් ගෙවලා දරුවෙකුත් ඉන්නවා නම් ඉතින් උඩ ඉන්න දෙයියන්ගේම පිහිටයි කියන්න තමයි වෙන්නේ.ලත් හිමි දේපලක් නැත්නම් අනිවාර්යෙන් ලොකු ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා කියන එක කැට තියලා ඔට්ටු අල්ලලා කියන්නම්.

අනිත් පැත්තෙන් ගත්තොත් මේ රටේ මානව හිමිකම් බල්ලට දාලා තියෙන නිසා කොයි වෙලේක හරි වෙඩි වැදිලා මහ පාරක මැරිලා හිටියත් ආණ්ඩුවෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.අමු අමුවේ පාස්කු දා මියගියවුන් වෙනුවෙන් අදටත් යුක්තියක් ඉටු වුනේ නැහැ.අදටත් බෝලයක් පාස් වෙනවා විතරයි.කවදා හෝ දිනයකය ජනතා අරගලයකින් ජනතාව නැගී සිටි දවසක යුක්තියක් ඉටුවේවී යැ‍යි බලාපොරොත්තුවක් තබා සිටිනවා හැර වෙන කල හැකි දෙයක් මානව හිමිකම් වෙනුවෙනුත් මේ කොදෙව්ව තුල අපට ඉතිරි වෙලා නැහැ.

ඇත්තටම එහෙනම් දැන් අපි මොකද කරන්නේ ?

එක විකල්පයක් ඔබට පුලුවන් ලංකාවේ ඉදන්ම විදේශ මුදල් උපයන්නට හැකි ප්ලැට්ෆෝර්ම් හරහා යම් ඉපැයීමක් කරන්න.සමහර විට ඩ්‍රොප් ශිපින් නැත්නම් ඩිරෙක්ට් ශිපින් ,ෆොරෙක්ස් වගේ දෙයක් උත්සාහ කරලා බලන්න.යම් තරමකට වැටුපට අමතර ආදායමකට යන්න පුලුවන්

තවත් විකල්පයක් විදිහට කෙටි කාලයකට මැද පෙරදිග ( මම එහෙම කිව්වේ සාපේක්ශව යන්න ලේසිම රට නිසා ) රටකට යන්න ඔබේ සුදුසුකම් අනුව රැකියාවකට.මොකද මේ රටේ වැටුපට වඩා ලොකු වැටුපක් ඔබට උපයා ගන්න පුලුවන්.

අවසාන විකල්පය විදිහට ඔබ උපාධිදාරී හෝ යම් විදිහක වෘතීය නිපුනතාවයක් තියන කෙනෙක් නම් ඔබට පුලුවන් උසස් අධ්‍යාපනය ට යුරෝපයට හෝ ඔස්ට්‍රේලියාවට දීර්ඝකාලීන සැලසුමක් සමග සංක්‍රමනය වෙන්න.මම මේ කියන විකල්ප තුනම සරල නැහැ.මුල් විකල්පය නම් යූ ටියුබ් වීඩියෝ නරඹලා හෝ ඔබට කරන්න පුලුවන්.දෙවැනි විකල්පය ඔබට නියෝජිතයෙක් හරහා කරන්න පුලුවන්.නමුත් මේ අවසාන විකල්පයට යනවා නම් හොද අධ්‍යයනක් කරලා යන්න.
මොකද මේ ගතවෙන මොහොතේ ලංකාවේ මනුස්සයෙක්ට වීසා එකක් දෙන්න එක පාරක් දෙපාරක් නෙමෙයි විසි පාරක් වත් වෙන රටකින් කල්පනා කරලා බලනවා.ඔබ එහෙම සක්‍රමණය වෙනවා නම් ස්ථිරව පදිංචිය හෝ පුරවැසිභාවයට යන පාර හොදින් සොයා බලා යන්න.මොකට කරන හැම දෙයක්ම සැලසුමක් ඇතිව කිරීම මේ ගතවෙන මොහොතේ අත්‍යාවශ්‍යම කාරනාවක්.

කෙනෙක්ට හිතෙන්න පුලුවන් නැහැ මම තියන විදිහට කාලා බීලා මෙතනම ඉන්නවා.මේ මගේ මව් රට මා උපන් බිම කියලා.මේ රටේ ප්‍රශනයක් නැහැ…මේ සැප සතුට කොහේවත් නැහැ.මගේ යාලුවෝ නෑදෑයෝ දාලා යන්න බෑ කියලා…
ඔව් එය ඔබේ අයිතිය.මම හිස නමා ඔබට ගරු කරනවා.ඒ වගේම ඔබට ජය පතනවා.

ටයිටැනික් නැවත් ගිලිලා ඉවර වෙනකම්ම සංගීත කණ්ඩායම සංගීතය සැපයුවා කියලා කතාවට කියනවා.හැබැයි නැව කොච්චර ලස්සන වුණත් ගාම්භීර වුණත් ගිලෙනවා නම් තට්ටුව උඩට වෙලා අහසේ තරුවල ලස්සන බල බල ඉන්න එක භයානක වැඩක්….
අඩුම තරමේ ඩිංගි බෝට්ටුවක නැගලා ගිහින් ගිලෙන මිනිස්සුන්ට උදව්වක්වත් ගේන්න උත්සාහ කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23