ඇගලුම් කම්හලක සේවයට යන බව පවසා ස්පා ආයතනයක සේවා සැපයීමට ගිය කත

ඇගලුම් කම්හලක සේවයට යන බව පවසා ස්පා ආයතනයක සේවා සැපයීමට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ අනියම් සැමියාගේ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලීසිය පවසයි .

මෙසේ තුවාල ලබා ඇත්තේ කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් .

මෙම කාන්තාව පළමු විවාහයෙන් ඉවත්ව වෙනත් පුද්ගලයෙකු සමග එකට වාසය කර ඇති අතර ඔහුද පලමු විවාහයෙන් ඉවත්වූ අයකු බවත් මොවුන් දෙදෙනාට අවුරුදු 05 පමණ දරුවකු ද සිටින බවත් පැවසේ.

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ජීවනෝපාය සලසා ගැනීම සඳහා සැමියාගෙ ද අවසරය මත මෙම කාන්තාව කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශයක ඇගළුම් ආයතනයක සේවයට ගොස් තිබේ.

එහෙත් ඇය සේවයට යන එන වෙලාව හා හැසිරීම් රටාව අනුව දෙදෙනා අතර නිරන්තරයෙන් බහින් බස් වීම් හා පවුල් ආරවුල්ද කලක සිට හටගෙන ඇති බවත් ඒ අනුව සැක සිතුණු පුද්ගලයා කාන්තාවගේ ගමන්බිමන් සම්බන්ධයෙන් පසුපස හඹා ගොස් තිබේ.

ඒ අනුව ඇය ස්පා ආයතනයක සේවා සැපයීමට යන බවට කරුණු අනාවරණය වීමත් සමඟ දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන පසුව එය දුරදිග ගොස් අනියම් සැමියා අත තිබූ තියුණු ආයුධයකින් බිරිඳගෙ මුඛයට හා සිරුරට ස්ථාන කිහිපයකට පහර දී බරපතළ තුවාල සිදුකොට පළාගොස් තිබුණි .

පසුව තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර කතාබහ කිරීමට පව නොහැකි තරමටම ඇයගේ මුඛයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

ප්‍රදේශයෙන් පළා ගොස් ඇති සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය .

කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි