ආ සැණින්ම ගිවිසුම් 05ක්ට අත්සන්..

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී අද 2021.02.23 දින පස්වරුවේ දී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු එරට දූත පිරිස ඉමහත් හරසරින් පිළිගනු ලැබුවේය.

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුවයි. පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට සමත් වූ ඉම්රාන් ඛාන් මහතා එරට 22වැනි අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යධූරයට පත්වීමෙන් පසු ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන පළමු අවස්ථාව මෙන්ම 2021 වසරේ එතුමාගේ පළමු විදෙස් නිල සංචාරය ද මෙය වේ.

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් හමුදා වෙඩිමුර 19ක්  සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්විණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඊට එක්වූහ. අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළෙහි වූ සුවිශේෂී අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් තැබුවේය.

මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණලා පැවත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා අද සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගිත්වය ඇතිව දෙරට අතර ආර්ථික හා වෙළඳ, ආයෝජන, කාර්මික තාක්ෂණ, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගිවිසුම් 5 ක් අත්සන් තැබීමට නියමිතය.

පාකිස්තානු විදේශ හා වාණිජ අමාත්‍යවරුන් ඇතුළු විශාල වෙළඳ දූත පිරිසක් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සමඟ මෙරටට පැමිණ තිබේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (24) දිනයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය. අනතුරුව කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා අයෝජන සමුළුවට එක්වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නැවත සිය රට යාමට පෙර  ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් හමුවනු ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37