spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ

ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේ දී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පවසනවා.

දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙතෙක් නිෂ්පාදනය කරනු ලැබුවේ 40%ක ප්‍රමාණයක් වුවත්; එය දෙගුණයක් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නියමාකාරව ලබාදීමට සමත් වැඩපිළිවෙළක් ද පශු සම්පත් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන බවයි මෙහිදී හෙළි වූයේ.

පසුගිය සමයේ මෙරට දියර කිරි නිෂ්පාදනය වූයේ අවශ්‍ය ප්‍රමාණයෙන් 40%ක් පමණක් වන අතර; මේ තත්ත්වය සළකා බලා දියර කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද රජය කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වර්තමානය වන විට සත්ත්ව ආහාර ආනයනයට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද මෙහි දී වැඩි අවධානයෙන් යුතුව සාකච්ඡාවට බඳුන් වුණ පැතිකඩක්.

බඩඉරිඟු වගා කරන ගොවීන්ට සහන ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

වැසී තිබෙන සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත් අවධානය යොමු කර ඇති අතර;
කුකුළු කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා මව් සතුන් ප්‍රමාණය 85,000 දක්වා වර්ධනය කර ඇති බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

ඒ අනුව වැසුණු කුකුළු ගොවිපොළවල් නැවත විවෘත කිරීමට ද මෙමගින් අවස්ථාව සැලසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?