ආහාර සුරක්ෂිතතාවය ගැන මන්ත්‍රී නාමල්ගෙන් උපදෙසක්

ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ සංකල්පමය ප්‍රතිපත්තියට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුවේ සහ අනෙකුත් පාර්ශ්ව එකට එක්වී සාකච්ඡා කර මාසයක් ඇතුළත අවශ්‍ය සංශෝධන එක් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කෘෂිකර්මාන්තය, සත්ත්ව නිෂ්පාදන හා ධීවර කටයුතු පිළිබඳ එක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ ක්‍රියාකාරී කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාවේ කෙටුම්පත ජාතික සභාවේ අනුමැතිය සඳහා පසුගිය අගෝස්තු මස 22 දින ජාතික සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එදින ජාතික සභාව පෙන්වා දුන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුවේ අදහස් ද මේ සඳහා ලබාගැනීම වැදගත් වන බවයි.

මේ අනුව ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව සහ ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුවක් සකස්කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ සභාපතිත්වයෙන් කටයුතු කළ ජාතික සභා අනු කාරක සභාවේ ක්‍රියාකාරී කමිටුවේ නිලධාරීන්ද කැඳවා තිබුණා.

මේ අනුව මේ සඳහා ක්‍රියාකාරී කමිටුවේ නිලධාරීන් නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ද සහභාගී වී සිටියා.

මේ අනුව දීර්ඝ වශයෙන් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණ අතර මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නිර්දේශ කරනු ලැබුවේ ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව සහ අනෙකුත් පාර්ශ්ව එකට එක්වී සාකච්ඡා කර දැනට සකස් කර ඇති සංකල්පීය ප්‍රතිපත්තිය සඳහා අවශ්‍ය සංශෝධන මාසයක් ඇතුළත එක් කිරීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09