ආහාර අනාරක්ෂිතභාවය ගැන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක්

ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට පළ කර ඇති මාධ්‍ය වාර්තා ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා 2023 මැයි 24 වන දින නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවේ විශ්වසනීයත්වය තහවුරු කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, එම වාර්තාව මහජන පරිහරණය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) වෙබ් අඩවියේ පළ කර තිබෙන බවයි.

එම වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අදාළ දත්ත පිළිබඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබියදී මාධ්‍ය කිහිපයක පළවී ඇති වාර්තා සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවේ දත්ත පරස්පර විරෝධී වීම කනගාටුවට කරුණක් බව ද ඔහු පෙන්වා දෙනවා.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික ජනගහණයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි.

පසුගිය වසරේ ජූනි/ජූලි මාස සමඟ සංසන්දනය කිරීමේ දී එය මේ වසරේ 40%ක අඩුවීමක්. මේ අතර දැඩි ආහාර අනාරක්ෂිත භාවයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 66,000ක සිට 10,000දක්වා අඩු වී තිබෙනවා.

‍ආහාර සුරක්ෂිතතාවයේ මෙම දියුණුව ආහාර පරිභෝජනයේ වැඩිවීමක් ලෙස දැක්විය හැකි අතර, අස්වැන්න නෙළන කාලය තුළ කෘෂිකාර්මික ප්‍රජාව අතර අඩු ආහාර වියදම් සහ ඉහළ ආදායම මෙයට හේතු වී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) සමීක්ෂණයේ අරමුණ වන්නේ ආහාර අනාරක්ෂිතභාවයේ ප්‍රමාණය හා බරපතළකම පිළිබඳ නිවැරදි හා සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සැපයීම මගින් අවදානමට ලක්ව ඇති ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය තොරතුරු රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත සැපයීමයි.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම මගින් සම්පූර්ණ ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් සාර්ව සහ ක්ෂුද්‍ර මට්ටම් දෙකෙහිම ආහාර සුරක්ෂිතතා තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය කරනු ලබනවා.

එම විශ්ලේෂණයට කෘෂිකාර්මික නිෂ්පාදන, වෙළෙඳපොළ තත්ත්වයන්, ඉල්ලුම් – සැපයුම් ගතිකතාවයන් ඇතුළත් ජාතික ධාන්‍ය/ප්‍රධාන ආහාර ශේෂ පත්‍රයක් (NFBS) සකස් කිරීම සහ ඉදිරි අලෙවිකරණ වර්ෂයේදී ප්‍රධාන ආහාර ආනයනය සඳහා අවශ්‍ය කරන එහෙත් සපුරා නොමැති ඇස්තමේන්තු සකස් කිරීම ඇතුළත් වන බව ද ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46