ආසියානු සිනමා සම්මාන උළෙලේ සම්මාන 4කට ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වෙයි

17 වැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 4 ක් සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වී තිබෙනවා.

ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ආසියානු සිනමා උළෙලේ සම්මාන සඳහා නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ආසියානු සිනමා සම්මාන උළෙල මාර්තු 10 වැනිදා හොංකොං නගරයේදී පැවැත්වීමට නියමිතයි.

බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙල, ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල හා හොංකොං අන්තර්ජාතික චිත්‍රපට උළෙල ඒකාබද්ධව වාර්ෂිකව ‘ආසියානු සිනමා සම්මාන උළෙල’ පවත්වනු ලබනවා.

මෙවර ‘ආසියානු සිනමා සම්මාන උළෙලේ’ ජූරි සභාපතිත්වය ප්‍රවීණ ජපන් චිත්‍රපට අධ්‍යක්ෂ තියෝශි කුරොසාවා දරන අතර ආසියානු සම්මාන ඇකඩමියේ සාමාජික සාමාජිකාවෝ 200 දෙනෙක් සම්මානලාභීන් තේරීමට තම ඡන්දය පාවිච්චි කිරීමට නියමියි.

මෙවර සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය හා හොඳම සංස්කරණය යන සම්මාන 4 ක් සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වී ඇති අතර ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ආසියානු සිනමා සම්මාන සඳහා නිර්දේශවූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ප්‍රසන්නගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය පසුගියදා ප්‍රංශයේ ‘වෙසුල් අන්තර්ජාතික සිනමා උළෙලේ, යොවුන් ජූරිය හොඳම චිත්‍රපටයට පිරිනමන් සම්මානය හිමිකරගත් අතර, මීට පෙර ‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන ‘කිට් ජොසික්’ සම්මානය ද හිමිකර ගත්තා.

මෙය ප්‍රසන්න විතානගේ පළමුවරට මලයාලම්, හින්දි හා ඉංග්‍රීසි බසින් නිර්මාණය කළ චිත්‍රපටය ලෙස සැලන අතර තිර රචනයෙන් ප්‍රසන්න විතානගේ හා අනුෂ්කා සේනානායක ද සංස්කරණයෙන් ඒ. ශ්‍රීකර් ප්‍රසාද් ද මෙම චිත්‍රපටය සඳහා දායක වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59