ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක මූල්‍ය සහ තාක්ෂණික ආධාර

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා දෙන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.