spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

ආර්ථික අර්බුධයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගා සිටුවීම වෙනුවෙන් පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100 ණය මුදල් අනුමත කර තිබෙනවා.

මෙම අරමුදල් මගින් අපනයන, සංචාරක, තාක්‍ෂණ, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය දැක්වීමට සහ අභියෝගවලට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සදහා රජයේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්‍ කිරීම සඳහා යොදාගත හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ.

ව්‍යවාසයකන් වෙනුවෙන් කාරක ප්‍රාග්ධන පහසුකම් සැපයීම මෙම ණය මුදල යටතේ සිදු කිරීමේ හැකියව පවතිනවා.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබන මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මගින් ජනගනයෙන් 42% රැකියා අවස්ථා ද උත්පාදනය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?